හිත මිතුරු
සුළඟ
හිතමිතුරු
සුළඟ ළග එන වැහි
වලාවට කියන්
අද
නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු
කලෙකින් ඇය මුණගැසේවී හසගනක්
ලෙසින්
වැසි
වැටුනොත් ඒ සොඳුරු මොහොත
අදුරු වෙයි සැනින්...
වීදී
පුරා වතුර පිරෙයි
හෙමින්
හෙමින් මුමුණ මුමුණ ඇවිද යමි කෙසේ
තණ
නිල්ලේ ගොහොරු හැදෙයි
කතා
නැතිව අනන්තයට ඉගිල යමි කෙසේ....
අප
සමුගත් පසු වසින්න ගං හෝ වැව්
ඉපිල ඉපිල
ඉතිර
යන තුරා හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත්
වැහි වලා පෙලේ කඩඉමෙන් මෙහා.....
ගායනය:
වික්ටර් රත්නායක
පබැඳුම:
සුනිල් ආරියරත්න
සංගීතය:
වික්ටර් රත්නායක
මෙරට
ගීත සාහිත්‍ය තුළ නොමැකෙන
මතක සටහනක් තැබූ ගීතයක් ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් වික්ටර් රත්නායකයන්ට රචනා කරනු ලැබූ ”හිතමිතුර සුළඟ” ගීතය හැදින්වීමට හැක. සුනිල් ආරියරත්නයන්ගේ ගීත නිර්මාණයන් සෑම විටම සුවිශේෂී මුහුණවුරක් ගන්නා අතර ඔහු සතු ලිවීමේ කුසලතාව ඒ සෑම නිර්මාණයක්
හරහාම ඔප්පු කරයි. අනෙක් වැදගත්ම කරුණ වන්නේ සුනිල් ආරියරත්නයන්ගේ බොහෝ ගීත නිර්මාණයන්
තුළ ප‍්‍රබල
මතුපිට අර්ථයක් සේම සූක්ෂම යටි අරුතක්ද සහිත වීමයි. මෙම ගීතය ද එකී සුවිශේෂීතාවයට
කදිම උදාහරණයකි.
පේ‍්‍රම කරනා
වයසේ පසුවන්නන්ට පේ‍්‍රමය
තරම් මිහරිි තවත් යමක් නොමැති තරම් ය. පේ‍්‍රමයේ සුවය විදිනා බොහෝ පෙම්වතුන් පෙම්වතියන් නිරතුරුවම හමු වීමට හමු
වී ආල වදන් මිමිණීමට
ඇළුම් කරති. මෙම ගීතයේ කතා
නායකයා වන පේ‍්‍රමවන්තයාද එකී න්යායට යටත්
වෙයි. ඔහුට තම පේ‍්‍රමවන්තිය මුණ ගැසෙනුයේ බොහෝ කාලයකට පසුවයි. පේ‍්‍රමවන්තයා
එකී කාලය ගත කරන්නට ඇත්තේ
කෙතරම් නොඉවසිල්ලකින්දැයි අමුතුවෙන් සදහන් කිරීමට අවාශ්‍ය නැත. නමුත්
මේ සොදුරු මොහොත අදුරු කරන්නට සමත්වන සිදුවීමක ලකුණු ඔහ ුදකී. එනම්
බාධා පමුණුවමින් මහා වරුසාවක ලකුණ ුපහල වෙමින් පවතී. මෙවන් පසුබිමක මෙම පෙම්වතා කුමක් කරන්නද? ඔහු වරුසාවට පෙර එන සුළඟ අතේ
පණිවිඩයක් යවයි. එනම්, ”වැස්ස ටිකක් ප‍්‍රමාද
වෙලා එන්න”යනුවෙනි. පෙම්වතාගේ සිතුවිලි අහිංසකය. ප‍්‍රාර්ථනාව
ද අහිංසක ය. නමුත් වරුසාව
ප‍්‍රචණ්ඩ ය.
සුනිල්
ආරියරත්නයන්ගෙ මෙම ගීතය අසන අයෙකුට සාහිත්‍ය ලෝකය පිලිබඳ
කිසියම් අවබෝධයක් සහිත පුද්ගලයකු නම් අතීතයේ ලියවුණු ”මේඝ¥තය” සංදේශ කාව්‍ය නිරායාසයෙන් ම
සිහිපත් වනු ඇත. රචකයාට මෙහි පද ගැලපුමේදී එකී
කාව්යයේද මූලික බලපෑමක් සිදු වන්නට ඇතිබව විශ්වාස කල හැක.
කෙසේ
වුවද අපගේ විචාරයට ලක්වන මෙම ගීතය පිලිබඳව බොහෝ විචාරන් ගීත ක්ෂේත‍්‍රය තුළ
හදුනා ගත හැක. අප
ඉහතින් සාකච්ඡුා කළ අර්ථයට වඩා
හාත්පසින්ම වෙනස් අර්ථයක් යටි පෙළහි අන්තර්ගත වන බව ඇසුවහොත්
අයෙකු පුදුමයට පත්විය හැක. නමුත් සුනිල් ආරියරත්නයන් සතු ප‍්‍රතිභාව
එයයි. භාෂා භාවිතයේ විශිෂ්ටයකු වූ එතුමා නිරතුරුවම
පරිසර අලංකාර භාවිතා කරමින් සිය අභිමතාර්ථ ඉටු කර ගැනීමට උත්සාහ
දරන්නෙකු බව පෙනේ. මෙහි
යටි අරුත ඒ බව මනාවට
විසද කරයි.
හිතමිතුරු
සුළඟ ළග එන වැහි
වලාවට කියන්
අද
නොපැමිණ අන් දිනයක වැසි රැුගෙන එන ලෙසනි්
දිගු
කලෙකින් ඇය මුණගැසේවී හසගනක්
ලෙසනි්
වැසි
වැටුනොත් ඒ සොඳුරු මොහොත
අදුරු වෙයි සැනින්...
පේ‍්‍රමවන්තයා හා
පේ‍්‍රමවන්තිය මුණ
ගැසෙන්නේ දිගු කාලයකින් බව සැබෑය. නමුත්
ආරියරත්නයන් සදහන් කරන මේ වැස්ස කුමක්ද?
සැබෑවටම පෙම්වතුන් වැස්සට අකමැති පිරිසක් ද? නැත. එය
කෙසේවත් සිදුවන දෙයක් නොව වරුසාව යනු පෙම්වතුන් ඇලූම් කරනා දෙයකි. මහ වරුසාවක සීතලට
කුඩයක් යට හෝ ගුලිවන්නට
අකමැති පෙම්වතුන් සිටිය හැකි ද.? එසේ නම් රචකයා මේ කියන්නට උත්සාහ
ගන්නේ වෙනත් වරුසාවක් ගැන විය යුතුය. සාමාන්යයෙන් ගැහැණු දරුවකු වැඩිවියට පැමිණි පසු දින විසි අටකට වරක් සිදුවන මාස් ශුද්ධිය පිලිබඳව පැවසීමට උත්සාහ කරයි. එම වරුසාවට හසු
වුවහොත් ඔවුන්ගේ හමුවීම සම්පූර්ණයෙන්ම අදුරු වන බව පෙම්වතා
දනී. එබැවින් එවැනි තත්ත්වයක් පෙම්වතියට ඇති නොවේවායි ඔහ ුප‍්‍රාර්ථනා කරන්නේ ඒ පිලිබඳ පවා
මනා අවබෝධයක් සහිතව සිටින නිසයි. ඒ බවයි රචකයා
ගීතය ඇරඹුමම සදහන් කරන්නේ.
ආදරය
යනු වර්තමානයේ බොහෝ විට ලිංගිකත්වය පදනම්ව ගොඩනැගෙන්නක් බවට චෝදනාවක් පවතී. කෙසෙ ්වුවද සැබෑ ආදර කතාවන් තුළ ද සැගවුණු ලිංගික
කතාන්දර ගැබ්ව පවතින බවට සැකයක් නොමැත. මෙහිදී අපට හමු වන්නේ එවැනි පේ‍්‍රමවන්තයින්
දෙදෙනකුගේ කතාන්දරයකි. කිසියම් අයෙකුට මෙය වැරදි අර්ථ දැක්වීමක් යැයි තර්ක කිරීමට හැකිය. නමුත් රචකයා බුද්ධිමත් ශ‍්‍රාවකයාට
එම යටි අරුත ස්පර්ශ කිරීමට ඉගි කීපයක් ලබා දීමට අමතක කර නැත.
වීදී
පුරා වතුර පිරෙයි
හෙමින්
හෙමින් මුමුණ මුමුණ
ඇවිද
යමි කෙසේ
තණ
නිල්ලේ ගොහොරු හැදෙයි
කතා
නැතිව අනන්තයට
ඉගිල
යමි කෙසේ
මෙම
පද පේලි රචකයා අවසන් කර තිබෙන්නේ ,
”ඇවිද යමි කෙසේ
ඉගිල යමි කෙසෙ”්
යනුවෙනි.
නමුත්
අප මුලින් සදහන් කල අර්ථයෙන් ගන්නේ
නම්,
”ඇවිද යමු
ඉගිල යමු”
යනුවෙන්
නිවැරැුදි විය යුතුය. මන්ද ඇවිද යන්නේ දෙදෙනාම වන බැවිනි. නමුත්
රචකයා උපක‍්‍රමශීලීව තම
යටි අරුත ඒත්තු ගැන්වෙන අයුරින් ”යමි” යනුවෙන් භාවිතා කර ඇත. මන්ද
ඔවුන් දෙදෙනාගේ හමුවීම තුළ සිදුකරන ලිංගික ගනුදෙනුව තුළ ඇවිද යන්නේත් ඉගිල යන්නේත් පෙම්වතා වන බැවිනි. මෙහි
ප‍්‍රධාන පාර්ශවකරුවා
පෙම්වතා වන බැවිනි. පෙම්වතියගෙන්
එකී පහස ලබා ගන්නට පෙම්වතාට නොහැකි වන බැවින් ”යමි”
යනුවෙන් භාවිතා කිරීමට තරම් රචකයා දක්ෂයකු මෙන්ම උපක‍්‍රමශීලීත්වයකින් යුක්ත
විය.
මෙම
ගීතය අවසන් කරනුයේ අපගේ හමුවීම අහවර වූ විට වැස්සට
කමක් නැත යනුවෙනි. ඒ බව රචකයා
දක්වා තිබෙන්නේ,
අප
සමුගත් පසු වසින්න
ගං
හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර
යන තුරා
හෝරා
දෙක තුනක් ඉන්න
නෑවිත්
වැහි වලා පෙලේ
කඩ
ඉමෙන් මෙහා
යනුවෙනි.
මෙවැනි
සාධාරණ ප‍්‍රාර්ථනාවක්
කිරීමේ වරදක් නැත. පේ‍්‍රම
වෘත්තාන්ත තුළ කිසිවකු ලොවට හඩ ගා නොකීවද
මෙවැනි බොහෝ ගැටලූ තැන් පවතී. එවා බොහෝවිට පිටත සමාජයට නොපෙනෙන අතර බොහෝ හදවත් තුළ ඉපදී හදවත් තුළ ම මිය යයි.
මෙරට ගීත සාහිත්‍ය තුළ මෙකී
වස්තු බීජයම පාදක කොටගෙන බිහිව ඇති තවත් ගීතයක් ලෙසින් ”කණ කැස්බෑ නෙත
බලා හිදිනවා අහස දකින්නට විය සිදුරෙන්” යන වික්ටර් රත්නායකයන්
ගායනා කරන ගීතය ද දැක්වීමට හැකිය.
එබැවින් මෙවැනි සැගවුණ ුඅර්ථ සහිත බොහෝ ගීත අපගේ ගීත සාහිත්‍ය තුළ පැවතිය
ද අවාසනාවකට මෙන් ඒවා පිලිබඳ හරිහැටි අවධානයක් යොමු වන්නේ නැත.
මෙරට
ගීත කේෂ්ත‍්‍රයේ සුවිශේෂී
ලක්ෂණයන්ගෙන් සමන්විත විශිෂ්ට ගණයේ පද රචකයකු වන
සුනිල් ආරියරත්නයන්ගේ ප‍්‍රතිභාව
මනාවට පෙන්නුම් කරනවා සේම වික්ටර් රත්නායකයන්ගේ අපූරු හඩ පෞරුෂය මෙන්ම
මිහිරි සංගීත නාදය ද මෙම ගීතය
හරහා හදුනාගත හැක. ස්වභාවධර්මය විසින් පෙම්වතුන්ට බොහෝ බාධා ගෙන එයි. එමගින් පේ‍්‍රම
ලෝක බොහෝ සෙයින් කම්පනයට වේදනාවට පත් වෙයි. එමෙන්ම ඒවා හොර රහසේම විද දරා ගනී. එවැනි පසුබිමක සිදුවන පීඩාවන් හමුවේ යහපතක්ම සිදුවේවායි ප‍්‍රාර්ථනා
කරනු හැර වෙන කුමක් කරන්න දැයි අපෙන් ප‍්‍රශ්න
කරයි. පේ‍්‍රමවන්තයින්
මෙවැනි ප‍්‍රශ්න
වලට මුහණු දෙන්නේ නම් කරුණාකර ප‍්‍රාර්ථනා
කරන්න. එපමනක් නොව හැකිනම් ”හිතමිතුරු සුළඟ” හොයාගෙන රසවිඳින්න. දුක අමතක වෙලා වෙනදාට වඩා වැඩි රසයක් ඔබට දැනෙනු නොඅනුමානය.
No comments:
Post a Comment