මේ
තරම් සියුමැලිද කලූගල්…..
කලාව
වු කලී රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව
කරා ගමන් කරවන්නා වු සුවිශේෂි මනෝභාවික
නිර්මාණයකි. මෙම ගීතයෙන් කියැවෙන්නේ එවැනි කලාකරුවකුගේ ජීවිතයේ අවසානය අත්වන ඛේදනීය ඉරණම ගැනයි. ස්වකීය හැකියාවෙන් කුසලතාවයෙන් නිර්මාණය බිහිකර ද ඔහුගේ සිතුවිල්ල ප්‍රබල උසස්
පරීකල්පනීය වුවද සෑබැ ජීවිතයේ මිනිස් උත්තම පුරුෂාර්ථයන් කොතෙක් දුරට සාධනිය කරගෙන ඇතිද යන වග මැනවින්
විද්යමාන වේ.
මේ
තරම් සියුමැලිද කලූගල් ගීතය,
ශ්‍රී ලාංකේය
ගී අම්බරයේ දැන් පහන් තරුවක් පායන්නේ ඉදහිටය. එයද සුපහන් ගී පිපාසයෙන් පෙළෙන
සහෘදයන්ගේ වාසනාවකටය. එබදු පහන් තරුවක් වන් රජී වසන්ත වෙල්ගම නම් තරුණ රචකයාගේ පන්හිද තුලින් බිහි වන
මේ තරම් සියුමැලිද කලූගල් නම් ගීය වල් බිහිවී පුරන් වී ඇති අප
ගී කෙත තුළ රන්වන් කරලින් බරවී වැඩෙන්නට විය. සෑම හදකම ගැඹුරට යන්න උත්සාහ දැරූ මේ ගීතය රසවින්දනාත්මකය.
රසිකයා
පළමු වදනින්ම රජරටට රැගෙන යන ගීතයේ ස්ථායි
කොටස මේ අයුරින් ඇරඹෙයි.
මේ තරම් සියමුලිද
කලූගල්
සිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන
බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
පටන්
ගන්නා වදනින් යම් දැඩි බවක් රළු ගතියක් හදට
සේන්දු වුව ද බිදෙන් බිද
මටසිළිටු වදනින් ඔහු සහෘදයා ආමන්ත්‍රණය කරයි.
අවුකන බුදුන් දකින රචකයාගේ සිතට මෙම සැදැහැති බව දෝත දරාගෙන
වන්දනා කෙරුවද
කිසිවකුගේ සිතේ නුපදින හැගීමක් රචකයාගේ සිත්හි
උපදී.ඒ ඔහුගේ වස්තු විෂයයි ඔහු උක්ක කලා කෘතියෙහි නිර්මාණකරු
ගැන මෙනෙහි කරයි. මෙතරම් විසල් හැඩි කලූ ගලක් දෙස් විදෙස් බැතිමතුන් එතැනට ගෙන්වීමට තරම් ප්‍රතිභා සම්පන්න
වුයේ කෙසේ දැයි ඔහු සිහිකරයි.
කලා වැව ළග ඉලූක් හෙවනක
මැටි පිලක පැදුරක් එළා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
යනුවෙන්
පළමු අන්තරා කොටසට තම පන්හිද මෙහෙයවන
ඔහු සහෘදයාගේ ප්‍රඥාව
අවදි කරන්නට වදන් ගලපයි. රජරට රජ දවස උක්ත
නිර්මාණය කළ කලාකරුවාගේ දිවි
පෙවෙත මෙන්ම ජීවන දර්ශනය ඔහු මතුපිටින් දක්වයි. මේතරම් සුවිසල් වන නිර්මාණයක් ඇතුලූ
නුවරක සැප සම්පතින් ආඪ්යව දිවි ගෙවිමට
ඔහුට වරම් නොවේ. රචකයා ව්යාංගයෙන් පවසන්නේ
වත්මනෙහිද සුභාවිත කලාවේ නියැලෙන කලාකරුවා ගැන නොවේදග වත්මන් සුභාවිත කලාකරුවද මෙවැනි වු දිළිදු දිවි
පෙවෙතක් ගෙවන බැව් පැහැදිලිය. ඔවුන්් වයස්ගත වී හමාරය.
මෙසේ වයස් ගත වුවද ඔහු
බලා සිටින්නේ මැරෙන ඉපදෙන රළ දෙසය. තම
දිවියේ සැදෑ සමය මෙසේ
ගෙවෙන්නේ ඈත අතීතයේ
පමණක් නොව අදද
කලාකරුවාට උරුම එපමණය යන්න පසක් කරමිනි. එහෙත්
ඔහු මේ අපරිමිත සංසාරයේ
ඉපදීම මියයාම නම් සියල්ලන්ටම උරුම ධර්මතාවය මෙනෙහි කරයි. එය දක්වන්නට ඔහු
යොදා ගන්නේ කලා වැවේ රළ පෙළයි.
රචකයා ව්යංගාර්ථ භාවිතයේදී
තම ප්‍රතිභාව
මැනවින් ප්‍රදර්ශනය
කරයි. ඔහු අතීත සංසිද්ධියක් ඉදිරිපත් කරමින් එය වත්මනට ආදේශ
කරන්නට සහෘදයාට ඉඩ හරියි. සංකල්ප
රූප මැවිම අතින් රචකයා උත්කෘෂ්ඨය. චිත්‍රපට දසුනක්
මෙන් සහෘද සිත්හි අදාළ දර්ශන පෙළ ඔහු පෙළගස්වයි. ශාන්තභාවය කරුණා රසය ඉස්මතු කරවයි.
ඉසුරුමුණියේ ඔබ තැනු
පෙම්බරිය කොතනද කියා
මා ඇසු විට
හිනැහුණා ඔහු
තවම තනිකඩ යැයි කියා
රජරට කලාකරුවා රඑ කලූගල් කැබැල්ලක ප්‍රේරමයේ උත්තරීතර
බව රතිභාවය ශෘංගාරය මැනවින් ගැලපු අවස්ථාවක් බවට ඉසුරුමුණි පෙම්යුවල දෙස් විදෙස් පතලය. රචකයා උක්ත කලාකරුවන්ගෙන් විමසන්නේ මෙසේ අපමණ හැගීමකින් නිමවු පෙම්වතිය අද ඔහු ලග
පෙනෙන්නට නැත්තේ ඇයි දැයි කියාය. කලාකරුවා රචකයාට පිළිතුරු දෙන්නේ උපේක්ෂා සහගත සිනහවකිනි.
ඔහුගේ පිළිතුර වුයේ තවමත් තනිකඩ බවයි. මෙතරම් වයස්ගත වී ඇතත් ඔහු
අවිවාහකය. මේ සැබෑ කලාකරුවාගේ
තත්ත්වයයි. වත්මන් සමාජය තුළද මුදල් පසුපස හඹා නොයමින් සහෘදයාගේ දියුණුව උදෙසා සිය දෑත් දෙපා හැගුම් වදන් මෙහෙයවන කලාකරුවා හා අතිනත ගන්නට
කාන්තාව මැලිවේ. හේතුව ඔවුන්ගේ දිළිදු බවයි. තත්ත්වය මේ යැයි සොයා බැලූව
හොත් පසක් වේ.
දෙවන
අන්තරා කොටස තුළද සිද්ධීන් ඔස්සේ රචකයා සහෘද සිත් තුළ ලැගුම් ගන්නට ඉහත නිර්මාණය මෙහෙය වුවද සහෘදයාටද සිතන්නට යමක් ඉතිරීකොට ඇත. සරළ සුගම බස් වහරක් ඔස්සේ නිර්මාණයේ පද ගැලපී ඇත.
බුද්ධිමත් උගත් නුගත් වැඩිහිටි ළමා ආදි වශයෙන් නොබෙදී රසාවිදින්නට ගීයට හැකියාව ලැබී ඇත්තේ යොදාගත් බස් වහරේ උපකාරයෙනි. එය නිර්මාණය පුරාවටම
දක්නට ලැබේ.
රචකයා තවමත් තරුණ වියේ පසුවෙයි. ඔහු දකින මේ ජිවන ධර්මතාවය
ඔහුගේ වයසත් සමග ගැලපු විට ඉතා ප්‍රභලය.
සරල ගී ආරක ගැයෙන
මේ ගීයේ ආකෘතියේ එතරම් සුවිශේෂ බවක් නම් නොපෙනේ. එහෙත් ව්‍යංගර්ථ භාවිතය
චිත්තරූප මැවිම වස්තු විෂය ආදියෙන් ඉතා ඉහළ මට්ටමක
පවතී. සියලූ සහෘදයෝ සියලූ කලාවන් ප්‍රිය
කරති. ඒ නිසා ඉතා. ඒ නිසා
ඉහත නිර්මාණය පොදු බවට පත් විමට කිසිදු බාධවක් නොපෙනේ. අවුකන පිළිමය නුදුටු කුඩා දරුවෙකු හෝ මේ දිවයිනේ
නොමැත. එනිසා
නිර්මාණය සැමගේ හදවත් හොදින් ඇද බැද තබා
ගනි. රචකයාගේ සන්තාසත් මැනවින් ඉස්මතු වී පෙනේ. වත්මන්
කලාකරුවාගේ තත්ත්වය හා සමාජයේ ඔහුට
හිමි තැන තවත් කලාකරුවෙකු විසින් සමාජයෙන් ප්‍රශ්න
කොට එය සියල්ලන්ට දක්වන්නට
යන්න දැරීමේ උදාර පරමාර්ථයක් නිර්මාණය තුළ ඇත.
ගීයක්
ලෙස ගත් කලා නිර්මාණයට උචිතම හඩක් යොදා ගෙන ඇතග සුනිල් එදිරිසිංහ යනු 70-80 දශකයන්හි සුභාවිත නිර්මාණයන් රැුසකට තම දායකත්වය සැපයු
ගායකයෙකි. ඔහුගේ සුපහන් හඩින්ද සංගීත සංයෝජනය කරන දර්ශන රුවන් නම් කලාකරුවන්ගේ දායකත්වයෙන් ද නිර්මාණයට ප්‍රාණය ලැබි
තිබේ. තරමක් ශෝක ස්වරයෙන් දිගහැරෙන ගීතය සහෘද සිත්හි කරුණාව උපේක්ෂාව දනවයි. සියල්ල සළකා බැලූ කළ යුගයේ බිහි
වු ඉතා අනර්ඝ කලා කෘතියක් බවට මෙය පත් වී තිබේ.
No comments:
Post a Comment