ආදර සබඳතාවක් ශක්තිමත් වීමට නම්..,



ආදරය කියන්නේ හරිම අපූරු අත්දැකීමක්.. හැබැයි ඒක, එක් එක්කෙනාට විවිධයි. ඒ විවිධත්වය ඔවුන් ව්ඳින්නේ ද විවිධ අයුරිනි. නමුත් ආදරය තුළ එය විඳවීමක් නොවීමට නම් දෙදෙනාම මනා තේරුම් ගැනීමක් පැවතීම අත්‍යවශ්‍යම වේ... මනා තේරුම් ගැනීමක් නොවීම තුළ ආදරයේත් වෛරයේත් පරතරය කෙස් ගසකට සමාන වීම නිරායාසයෙන්ම සිදු වීම සාමාන්‍ය ස්වාභාවයක් වේ.. පෘතප්ජන මිනිසා වූ කලී ආදරය රාගය තණ්හාව ප්‍රහීන කල අයකු නොවේ... මෙනිසාවෙන් අද වන විට ආදර සබඳතා බිඳී යෑම තුළ තමා ආදරය කළ පෙම්වතියව ඝාතනය කිරීම දක්වා වූ ස්වාභාවයන්ද දැකිය හැකි වේ.. නමුත් ඒ සැබෑවටම ආදරය ද යන්න ගැටලුකාරී වේ. සැබෑවටම ආදරය කලේනම්, තම පෙම්වතියගේ පෙම්ව්තාගේ අදහස් නොගැලපීම් මත වෙන් වීම වඩා නුවණට හුරුය. මන්ද යත් විවාහයක් දක්වා ගොස් දරුවන් ලොකු මහත් කර අදහස් නොගැලපීම් මත වෙන් වීම දරුවන්ට ද බලපෑම්කාරී වේ. 


මෙලෙසම අපගේ ආදරය ආදරයක් බවට පත්කර ගැනීමට නම් අප එකිනෙකාගේ ඉවසීමද බෙහෙවින්ම වැදගත් වේ. මත ගැටීම් මත කේන්ති යෑම සාමාන්‍ය ස්වාභාවය වේ. නමුත් ඒ තුළ දෙදෙනාම කෝප වීම තුළ කෙදිනකවත් ගැටලුව නිරාකරණය කර ගැනීමට නොහැකි වේ.. මෙනිසාවෙන් එක් අයකු පසුපසට අඩියක් තැබීම සබඳතාවයේ ශක්තිමත්භාවයට බෙහෙවින් වැදගත් වේ..


ආදරයේ නාමයෙන් කේලම් විශ්වාස කිරීමද  අදවන විට සබඳතාවන් බිඳවැටීමට බෙහෙවින්ම බලපානු ලබයි.. අදවන විට ආදර සබඳතා නොමැති, නොපැවති පුද්ගලයන් සොයාගැනීම කලුනික සොයනවාට සමාන වේ.. එබැවින් එවැනි සබඳතා අපේක්ෂා කිරීමද අප නොකල යුතුම වේ.. නමුත් එම සබඳතා අවසන් කර එක්වන නව සබඳතාවන් වෙත පැරණි මතකයන් නැවත නැවත මතක් කරමින් සිත් රිදවීම තුළ සිදුවන්නේද  සබඳතා පලුදු වී බිඳී යෑමයි.

ආදරයේ නාමයෙන්, සැබෑ ආදරයක් වෙනුවෙන් අප සෑම විටම අන්‍යොන්‍ය අවබෝධයකින් ක්‍රියා කිරීම බෙහෙවින්ම වැදගත් වේ.. නොමැතිනම් "වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අබිමන්" යනුවෙන් සිතා පසුවට නිදහසේ පසුතැවීමට ඉඩකඩ වෙන් කර ගත හැකිය. සෑම පුද්ගලයකුම සර්ව සම්පූර්ණ නොවන හෙයින් අඩුපාඩු සාදාගෙන අවබෝධයෙන් කටයුතු කිරීම තුළ ඔබගේ ආදරය කෙදිනකවත් පෑල දොරින් පලා නොයනු ඇත.

මංපෙතේ මම,
බුද්ධික කරුණාරත්න.

4 comments:

ආදරය වරදක් නොවන්නට. ආදරය යන්න වර්තමාන තරුණ පරපුර දැඩි සේ විඳින ඒ විඳීම වේදනාවක් කරගෙන විඳවන තවත් එක් ප‍්‍රදාන තේමාවක් වී තිබේ. මෙන...