ආදරය වරදක් නොවන්නට.



ආදරය යන්න වර්තමාන තරුණ පරපුර දැඩි සේ විඳින ඒ විඳීම වේදනාවක් කරගෙන විඳවන තවත් එක් ප‍්‍රදාන තේමාවක් වී තිබේ. මෙනිසාම වාර්තමාන තරුණ පරපුර එම ආදරය ආදරය සේම විදින්නේද, එසේ නොවන්නේද යන්න විමසා බැලිය යුතුය. මන්ද අද වන විට ආදරය නිසා අසන්නට ලැබෙන බොහෝ පුවත්් ආදරණීය ස්වාභාවයෙන් යුතු නොවේ. හේතුව ආදරයත් වෛරයත් අතර වෙනස කෙස් ගහකින් වෙන්වී ඇතැයි කියන කිියමන සත්‍යයක් බවට පත් වීමයි.
ආදරය පිලිබඳ විමසීමේදී අතීතයේ ආදරය කල පිරිස කෙතරම් නම් සුන්දරවත් ආදරණීයවත් එය විදිනු ලබන්නට ඇත්ද යන්න වර්තමාන තරුණ පරපුරට මේ වන විට අවබෝධයක් නොමැති බව   සැකයකින් තොරොව ඔප්පු වන්නේ ඔවුන්ගේ ක‍්‍රියාකාරිත්වය තුළිනි . වර්තමාන තරුණ තරුණියන්ට ආදරය අහිමි වූ විට උපේක්ශාවෙන් විඳ දරා ගත නොහැකි වුවද අතීතයේ මෙලෙසින්ම ආදරය අහිමි වූවන් එ් විරහව මැදිහත්  සිතින් විඳ ගැනීමට පුරුදුව සිටියේය.
වර්තමාන තරුණ තරුණියන් පාසලේදී මෙන්ම අනෙකුත් උපකාරක පන්ති ආදියේදීද පේ‍්‍රමයෙන් බැඳෙන අවස්ථා දැකිය හැකිය. නමුදු ඔවුන් ඔවුනට පැවරී ඇති වගකීම පිලිබඳ පසෙකලා ආදරයට පමණක්ම සීමා වී ක‍්‍රියා කරන  ස්වාභාවයක්ද දැකිය හැකි වීම අතිශය කනගාටුවට කරුනකි. නමුදු අතීතයේ පවා මේ අයුරින්ම තරුණ තරුණියන් පේ‍්‍රමයෙන් බැඳුණු අතර, ඔවුන් තම තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කරනු ලැබීය. එලෙසම අධ්‍යාපනයෙන්  සාර්ථක වෙමින්, ක‍්‍රීඩා වල නිරත වෙමින්, අනෙකුත් සමිති සමාගම් වල කි‍්‍රයා කරමින් ආදරයද ඒ අතරම විඳින්නට විය.
නමුත් අද වන විට තරුණ තරුණියන් මෙම ක‍්‍රියාකාරකම් වල නිරත වන ස්වාභාවයක් හඳුනාගත නොහැකිය. ඔවුන්ගේ ජීවිතයේ මූලික  ස්ථානයක් හිමිව තිබෙන්නේ නව මාධ්‍ය වලටය. විෂේශයෙන්ම මුහුණ පොත ඒ අතර ප‍්‍රධාන වී තිබේ. නව මිතුරු මිතුරියන් සොයා ගන්නේ එතුලිනි. ආදරය  සොයාගැනීමටද මුහුණු පොත ඉවහල් කර ගන්නේ එමගින් තමාට නියම ආදරය හිමි වේ යැයි සිතමිනි. නමුදු නොදැනුවත්වම ඒ තුළින් බැඳෙන ආදරය ඇතැම් විට ජීවිත කාලයටම විඳවන්නට වේ යැයි ඔවුන් නොදනිති.
මේ අයුරින් මුහුණු පොතෙහි ආදරය කරන අපේ තාරුණ්‍ය ඒ ආදරය විඳින්නේ කෙටි පණිවිඩ හරහායි. අතීතයේ තාරුණ්‍ය විඳි රහස් ලියුම් හරහා නොවේ. පාසලේ කොතැනක හෝ සිට ගමේ පන්සලේ වැඩකටයුත්තකදී රහසේ මුණ ගැසී පෙම්බස් දෙඩූ ඒ අවධිය වියැකී ගොස් ඇත. අද වන විට පෙම්වතුන් පෙම්බස් දොඩන්නේ පාලූ ප‍්‍රදේශයක ඇති තානායමක වන තරමට තරුණ සිත් ¥ෂණය වී තිබේ. ඇතැම් විට ආදරයේ නාමයෙන් තරුණියන්ගේ පතිවත පවා එ් තුළ අහිමිව යනු ඇත. මන්ද ආදරයේ නාමයෙන් පණට පණ දෙමින් හදවත ගලවා දීමට සූදානම් පෙම්වතුන් ඉදිරියේ තරුණියන්ද නොදෙවෙනි වීමට ඇති අකමැත්ත මෙයට හේතු වී තිබෙ‘.
නමුත් මෙලෙස  ක‍්‍රියා කරන තරුණ තරුණියන් තම දෙම්ව්පියන්ගේ බලාපොරොත්තූ පිලිබඳ කිසිඳු තැකීමක් නොකරයි. ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන මුදල් පෙම්වතුන් පෙම්වතියන් වියදම් කරනු ලබන්නේ තම තමන් දුක් මහන්සියෙන් හම්බකල දෑ පරිද්දෙනි.
දෑතට දෙපයට කිසිදු විවේකයක් නොදී බඩට බත්  ඇටයක් නොකා වතුර පොදකින් පමණක් සෑහීමකට පත් වෙමින් දෙමාපියන් දහඩිය වගුරන්නේ  දරුවන්ගේ සුගතිය පතා නොවේද. පෙම්වතියට පෙම්වතාට වියදම් කරන ඒ මුදල් දෙමාපියන්ගේ  දහඩිය මහන්සිය බවත්,  ආදරයේ නාමයෙන් ඔවුන් එය  අමතක කිරීම සාධාරණ නොවන්නේත් මෙබැවිනි. මෙය අතීතයට සාපේක්ෂව වර්තමානයේ වැඩි වශයෙන් දැකිය හැකි වීම බෙහෙවින් ගැටලූකාරීය.
වර්තමාන තරුණ පරපුර ආදරය කරනවාට වඩා ඒ ආදරය තුළ සිහින මාලිඟා මැවීම සිදු කරනු ලබයි. ඒ සිහින මාලිඟා වලින් බිමට බැස යථාර්තය තේරුම් ගෙන ජීවත් වීමට තරුණ තරුණියන් විසින් තේරුම් ගත යුතුය. නොවේ නම් සිදුවන්නේ මුලින් තේරුම් ගත යුතු යථාර්ථය පසුව වටහා ගැනීම නිසා   ආදරයත් වෛරයත් අතර වෙනස ඉස්මතු වීමයි.
මේ නිසාම ආදරයේ නාමයෙන් වෛරය ඉදිරියට පැමිණ පළිගැනීමටත්, සියදිවි නසා ගැනීමටත් කටයුතු කරනු ලබයි. මේ අයුරින් තරුණ තරුණියන් කටයුතු කරනු ලබන්නේ සැබැවින්ම ආදරය කල නිසාවෙන්ද නොමැතිනම් විරහ වේදනාව දරාගැනීමට තරම් ආත්ම ශක්තියක් නොමැතිකමද  යන්නද නැවත නැවතත් සිතා බැලිය යුතුය.
වර්තමාන  තරුණ තරුණියන් ආදරයේ නාමයෙන් රාගය පසුපස දිවගොස් එහි ගිනිදැල් දැල්වීමට ප‍්‍රයත්න දරන ස්වභාවයක්ද  දැකිය හැකිය. මේවා අහිමි වූ තැන මානසික ආතතියට පත් වීමද සාමාන්‍යය. මෙනිසාම ජීවිත නැති කර ගන්නවාද විය හැකිය. නොවේ නම් විරහව විඳීය නොහැකි නිසාම ජීවිත අහිමි කර ගන්නවා නොවනු ඇත.
ආදරය කල යුතුය ආදරය විඳිය යුතුය. එහි ප‍්‍රතිපලයක් ලෙස විටක  ලැබෙන විරහවද විඳ දරා ගත යුතුය. ආදරයෙන් ලැබෙන වේදනාවද පන්නරයක් කරගත යුතුය. මෙතුළින් නියම ආදරවන්තයකු සේම යහපත් පුරවැසියකු බිහිවනවා නොඅනුමානය. මෙනිසා ආදරය නිසා ජීවිතය විදීමට මිස විඳවීමට නොවන බව තරුණ තරුණියන් නිරන්තරයෙන්ම  සිහිතබා ගෙන ආදරය කළ යුතුය.

1 comment:

ආදරය වරදක් නොවන්නට. ආදරය යන්න වර්තමාන තරුණ පරපුර දැඩි සේ විඳින ඒ විඳීම වේදනාවක් කරගෙන විඳවන තවත් එක් ප‍්‍රදාන තේමාවක් වී තිබේ. මෙන...