ආදරය වරදක් නොවන්නට.



ආදරය යන්න වර්තමාන තරුණ පරපුර දැඩි සේ විඳින ඒ විඳීම වේදනාවක් කරගෙන විඳවන තවත් එක් ප‍්‍රදාන තේමාවක් වී තිබේ. මෙනිසාම වාර්තමාන තරුණ පරපුර එම ආදරය ආදරය සේම විදින්නේද, එසේ නොවන්නේද යන්න විමසා බැලිය යුතුය. මන්ද අද වන විට ආදරය නිසා අසන්නට ලැබෙන බොහෝ පුවත්් ආදරණීය ස්වාභාවයෙන් යුතු නොවේ. හේතුව ආදරයත් වෛරයත් අතර වෙනස කෙස් ගහකින් වෙන්වී ඇතැයි කියන කිියමන සත්‍යයක් බවට පත් වීමයි.
ආදරය පිලිබඳ විමසීමේදී අතීතයේ ආදරය කල පිරිස කෙතරම් නම් සුන්දරවත් ආදරණීයවත් එය විදිනු ලබන්නට ඇත්ද යන්න වර්තමාන තරුණ පරපුරට මේ වන විට අවබෝධයක් නොමැති බව   සැකයකින් තොරොව ඔප්පු වන්නේ ඔවුන්ගේ ක‍්‍රියාකාරිත්වය තුළිනි . වර්තමාන තරුණ තරුණියන්ට ආදරය අහිමි වූ විට උපේක්ශාවෙන් විඳ දරා ගත නොහැකි වුවද අතීතයේ මෙලෙසින්ම ආදරය අහිමි වූවන් එ් විරහව මැදිහත්  සිතින් විඳ ගැනීමට පුරුදුව සිටියේය.
වර්තමාන තරුණ තරුණියන් පාසලේදී මෙන්ම අනෙකුත් උපකාරක පන්ති ආදියේදීද පේ‍්‍රමයෙන් බැඳෙන අවස්ථා දැකිය හැකිය. නමුදු ඔවුන් ඔවුනට පැවරී ඇති වගකීම පිලිබඳ පසෙකලා ආදරයට පමණක්ම සීමා වී ක‍්‍රියා කරන  ස්වාභාවයක්ද දැකිය හැකි වීම අතිශය කනගාටුවට කරුනකි. නමුදු අතීතයේ පවා මේ අයුරින්ම තරුණ තරුණියන් පේ‍්‍රමයෙන් බැඳුණු අතර, ඔවුන් තම තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කරනු ලැබීය. එලෙසම අධ්‍යාපනයෙන්  සාර්ථක වෙමින්, ක‍්‍රීඩා වල නිරත වෙමින්, අනෙකුත් සමිති සමාගම් වල කි‍්‍රයා කරමින් ආදරයද ඒ අතරම විඳින්නට විය.
නමුත් අද වන විට තරුණ තරුණියන් මෙම ක‍්‍රියාකාරකම් වල නිරත වන ස්වාභාවයක් හඳුනාගත නොහැකිය. ඔවුන්ගේ ජීවිතයේ මූලික  ස්ථානයක් හිමිව තිබෙන්නේ නව මාධ්‍ය වලටය. විෂේශයෙන්ම මුහුණ පොත ඒ අතර ප‍්‍රධාන වී තිබේ. නව මිතුරු මිතුරියන් සොයා ගන්නේ එතුලිනි. ආදරය  සොයාගැනීමටද මුහුණු පොත ඉවහල් කර ගන්නේ එමගින් තමාට නියම ආදරය හිමි වේ යැයි සිතමිනි. නමුදු නොදැනුවත්වම ඒ තුළින් බැඳෙන ආදරය ඇතැම් විට ජීවිත කාලයටම විඳවන්නට වේ යැයි ඔවුන් නොදනිති.
මේ අයුරින් මුහුණු පොතෙහි ආදරය කරන අපේ තාරුණ්‍ය ඒ ආදරය විඳින්නේ කෙටි පණිවිඩ හරහායි. අතීතයේ තාරුණ්‍ය විඳි රහස් ලියුම් හරහා නොවේ. පාසලේ කොතැනක හෝ සිට ගමේ පන්සලේ වැඩකටයුත්තකදී රහසේ මුණ ගැසී පෙම්බස් දෙඩූ ඒ අවධිය වියැකී ගොස් ඇත. අද වන විට පෙම්වතුන් පෙම්බස් දොඩන්නේ පාලූ ප‍්‍රදේශයක ඇති තානායමක වන තරමට තරුණ සිත් ¥ෂණය වී තිබේ. ඇතැම් විට ආදරයේ නාමයෙන් තරුණියන්ගේ පතිවත පවා එ් තුළ අහිමිව යනු ඇත. මන්ද ආදරයේ නාමයෙන් පණට පණ දෙමින් හදවත ගලවා දීමට සූදානම් පෙම්වතුන් ඉදිරියේ තරුණියන්ද නොදෙවෙනි වීමට ඇති අකමැත්ත මෙයට හේතු වී තිබෙ‘.
නමුත් මෙලෙස  ක‍්‍රියා කරන තරුණ තරුණියන් තම දෙම්ව්පියන්ගේ බලාපොරොත්තූ පිලිබඳ කිසිඳු තැකීමක් නොකරයි. ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන මුදල් පෙම්වතුන් පෙම්වතියන් වියදම් කරනු ලබන්නේ තම තමන් දුක් මහන්සියෙන් හම්බකල දෑ පරිද්දෙනි.
දෑතට දෙපයට කිසිදු විවේකයක් නොදී බඩට බත්  ඇටයක් නොකා වතුර පොදකින් පමණක් සෑහීමකට පත් වෙමින් දෙමාපියන් දහඩිය වගුරන්නේ  දරුවන්ගේ සුගතිය පතා නොවේද. පෙම්වතියට පෙම්වතාට වියදම් කරන ඒ මුදල් දෙමාපියන්ගේ  දහඩිය මහන්සිය බවත්,  ආදරයේ නාමයෙන් ඔවුන් එය  අමතක කිරීම සාධාරණ නොවන්නේත් මෙබැවිනි. මෙය අතීතයට සාපේක්ෂව වර්තමානයේ වැඩි වශයෙන් දැකිය හැකි වීම බෙහෙවින් ගැටලූකාරීය.
වර්තමාන තරුණ පරපුර ආදරය කරනවාට වඩා ඒ ආදරය තුළ සිහින මාලිඟා මැවීම සිදු කරනු ලබයි. ඒ සිහින මාලිඟා වලින් බිමට බැස යථාර්තය තේරුම් ගෙන ජීවත් වීමට තරුණ තරුණියන් විසින් තේරුම් ගත යුතුය. නොවේ නම් සිදුවන්නේ මුලින් තේරුම් ගත යුතු යථාර්ථය පසුව වටහා ගැනීම නිසා   ආදරයත් වෛරයත් අතර වෙනස ඉස්මතු වීමයි.
මේ නිසාම ආදරයේ නාමයෙන් වෛරය ඉදිරියට පැමිණ පළිගැනීමටත්, සියදිවි නසා ගැනීමටත් කටයුතු කරනු ලබයි. මේ අයුරින් තරුණ තරුණියන් කටයුතු කරනු ලබන්නේ සැබැවින්ම ආදරය කල නිසාවෙන්ද නොමැතිනම් විරහ වේදනාව දරාගැනීමට තරම් ආත්ම ශක්තියක් නොමැතිකමද  යන්නද නැවත නැවතත් සිතා බැලිය යුතුය.
වර්තමාන  තරුණ තරුණියන් ආදරයේ නාමයෙන් රාගය පසුපස දිවගොස් එහි ගිනිදැල් දැල්වීමට ප‍්‍රයත්න දරන ස්වභාවයක්ද  දැකිය හැකිය. මේවා අහිමි වූ තැන මානසික ආතතියට පත් වීමද සාමාන්‍යය. මෙනිසාම ජීවිත නැති කර ගන්නවාද විය හැකිය. නොවේ නම් විරහව විඳීය නොහැකි නිසාම ජීවිත අහිමි කර ගන්නවා නොවනු ඇත.
ආදරය කල යුතුය ආදරය විඳිය යුතුය. එහි ප‍්‍රතිපලයක් ලෙස විටක  ලැබෙන විරහවද විඳ දරා ගත යුතුය. ආදරයෙන් ලැබෙන වේදනාවද පන්නරයක් කරගත යුතුය. මෙතුළින් නියම ආදරවන්තයකු සේම යහපත් පුරවැසියකු බිහිවනවා නොඅනුමානය. මෙනිසා ආදරය නිසා ජීවිතය විදීමට මිස විඳවීමට නොවන බව තරුණ තරුණියන් නිරන්තරයෙන්ම  සිහිතබා ගෙන ආදරය කළ යුතුය.


හිත මිතුරු සුළඟ



හිතමිතුරු සුළඟ ළග එන වැහි වලාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින් 
දිගු කලෙකින් ඇය මුණගැසේවී හසගනක් ලෙසින්
වැසි වැටුනොත් සොඳුරු මොහොත අදුරු වෙයි සැනින්...

වීදී පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ ඇවිද යමි කෙසේ
තණ නිල්ලේ ගොහොරු හැදෙයි
කතා නැතිව අනන්තයට ඉගිල යමි කෙසේ....

අප සමුගත් පසු වසින්න ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යන තුරා හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වලා පෙලේ කඩඉමෙන් මෙහා.....

ගායනය: වික්ටර් රත්නායක
පබැඳුම: සුනිල් ආරියරත්න
සංගීතය: වික්ටර් රත්නායක


මෙරට ගීත සාහිත් තුළ නොමැකෙන මතක සටහනක් තැබූ ගීතයක් ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් වික්ටර් රත්නායකයන්ට රචනා කරනු ලැබූහිතමිතුර සුළඟගීතය හැදින්වීමට හැක. සුනිල් ආරියරත්නයන්ගේ ගීත නිර්මාණයන් සෑම විටම සුවිශේෂී මුහුණවුරක් ගන්නා අතර ඔහු සතු ලිවීමේ කුසලතාව සෑම නිර්මාණයක් හරහාම ඔප්පු කරයි. අනෙක් වැදගත්ම කරුණ වන්නේ සුනිල් ආරියරත්නයන්ගේ බොහෝ ගීත  නිර්මාණයන් තුළ රබල මතුපිට අර්ථයක් සේම සූක්ෂම යටි අරුතක්ද සහිත වීමයි. මෙම ගීතය එකී සුවිශේෂීතාවයට කදිම උදාහරණයකි. 

පේරම කරනා වයසේ පසුවන්නන්ට පේරමය තරම් මිහරිි තවත් යමක් නොමැති තරම් . පේරමයේ සුවය විදිනා බොහෝ පෙම්වතුන් පෙම්වතියන් නිරතුරුවම හමු වීමට  හමු වී ආල වදන් මිමිණීමට ඇළුම් කරති. මෙම ගීතයේ  කතා නායකයා වන පේරමවන්තයාද එකී න්යායට යටත් වෙයි. ඔහුට තම පේරමවන්තිය මුණ ගැසෙනුයේ බොහෝ කාලයකට පසුවයි. පේරමවන්තයා එකී කාලය ගත කරන්නට ඇත්තේ කෙතරම් නොඉවසිල්ලකින්දැයි අමුතුවෙන් සදහන් කිරීමට අවාශ් නැත. නමුත් මේ සොදුරු මොහොත අදුරු කරන්නට සමත්වන සිදුවීමක ලකුණු ඔහ ුදකී. එනම් බාධා පමුණුවමින් මහා වරුසාවක ලකුණ ුපහල වෙමින් පවතී. මෙවන් පසුබිමක මෙම පෙම්වතා කුමක් කරන්නද? ඔහු වරුසාවට පෙර එන සුළඟ අතේ පණිවිඩයක් යවයි. එනම්, ”වැස්ස ටිකක් රමාද වෙලා එන්නයනුවෙනි. පෙම්වතාගේ සිතුවිලි අහිංසකය. රාර්ථනාව අහිංසක . නමුත් වරුසාව රචණ්ඩ . 
සුනිල් ආරියරත්නයන්ගෙ මෙම ගීතය අසන අයෙකුට සාහිත් ලෝකය පිලිබඳ කිසියම් අවබෝධයක් සහිත පුද්ගලයකු නම් අතීතයේ ලියවුණුමේඝ¥තයසංදේශ කාව් නිරායාසයෙන් සිහිපත් වනු ඇත. රචකයාට මෙහි පද ගැලපුමේදී එකී කාව්යයේද මූලික බලපෑමක් සිදු වන්නට ඇතිබව විශ්වාස කල හැක. 
කෙසේ වුවද අපගේ විචාරයට ලක්වන මෙම ගීතය පිලිබඳව බොහෝ විචාරන් ගීත ක්ෂේතරය තුළ හදුනා ගත හැක. අප ඉහතින් සාකච්ඡුා කළ අර්ථයට වඩා හාත්පසින්ම වෙනස් අර්ථයක් යටි පෙළහි අන්තර්ගත වන බව ඇසුවහොත් අයෙකු පුදුමයට පත්විය හැක. නමුත් සුනිල් ආරියරත්නයන් සතු රතිභාව එයයි. භාෂා භාවිතයේ විශිෂ්ටයකු වූ එතුමා නිරතුරුවම පරිසර අලංකාර භාවිතා කරමින් සිය අභිමතාර්ථ ඉටු කර ගැනීමට උත්සාහ දරන්නෙකු බව පෙනේ. මෙහි යටි අරුත බව මනාවට විසද කරයි.
හිතමිතුරු සුළඟ ළග එන වැහි වලාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැුගෙන එන ලෙසනි්
දිගු කලෙකින් ඇය මුණගැසේවී හසගනක් ලෙසනි්
වැසි වැටුනොත් සොඳුරු මොහොත අදුරු වෙයි සැනින්... 
පේරමවන්තයා හා පේරමවන්තිය මුණ ගැසෙන්නේ දිගු කාලයකින් බව සැබෑය. නමුත් ආරියරත්නයන් සදහන් කරන මේ වැස්ස කුමක්ද? සැබෑවටම පෙම්වතුන් වැස්සට අකමැති පිරිසක් ? නැත. එය කෙසේවත් සිදුවන දෙයක් නොව වරුසාව යනු පෙම්වතුන් ඇලූම් කරනා දෙයකි. මහ වරුසාවක සීතලට කුඩයක් යට හෝ ගුලිවන්නට අකමැති පෙම්වතුන් සිටිය හැකි .? එසේ නම් රචකයා මේ කියන්නට උත්සාහ ගන්නේ වෙනත් වරුසාවක් ගැන විය යුතුය. සාමාන්යයෙන් ගැහැණු දරුවකු වැඩිවියට පැමිණි පසු දින විසි අටකට වරක් සිදුවන මාස් ශුද්ධිය පිලිබඳව පැවසීමට උත්සාහ කරයි. එම වරුසාවට හසු වුවහොත් ඔවුන්ගේ හමුවීම සම්පූර්ණයෙන්ම අදුරු වන බව පෙම්වතා දනී. එබැවින් එවැනි තත්ත්වයක් පෙම්වතියට ඇති නොවේවායි ඔහ ුපරාර්ථනා කරන්නේ පිලිබඳ පවා මනා අවබෝධයක් සහිතව සිටින නිසයි. බවයි රචකයා ගීතය ඇරඹුමම සදහන් කරන්නේ. 
ආදරය යනු වර්තමානයේ බොහෝ විට ලිංගිකත්වය පදනම්ව ගොඩනැගෙන්නක් බවට චෝදනාවක් පවතී. කෙසෙ ්වුවද සැබෑ ආදර කතාවන් තුළ සැගවුණු ලිංගික කතාන්දර ගැබ්ව පවතින බවට සැකයක් නොමැත. මෙහිදී අපට හමු වන්නේ එවැනි පේරමවන්තයින් දෙදෙනකුගේ කතාන්දරයකි. කිසියම් අයෙකුට මෙය වැරදි අර්ථ දැක්වීමක් යැයි තර්ක කිරීමට හැකිය. නමුත් රචකයා බුද්ධිමත් රාවකයාට එම යටි අරුත ස්පර්ශ කිරීමට ඉගි කීපයක් ලබා දීමට අමතක කර නැත. 

වීදී පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ  
ඇවිද යමි කෙසේ
තණ නිල්ලේ ගොහොරු හැදෙයි
කතා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ

මෙම පද පේලි රචකයා අවසන් කර තිබෙන්නේ , 
               ඇවිද යමි කෙසේ
                ඉගිල යමි කෙසෙ 
යනුවෙනි. 

නමුත් අප මුලින් සදහන් කල අර්ථයෙන් ගන්නේ නම්, 
               ඇවිද යමු
               ඉගිල යමු 
යනුවෙන් නිවැරැුදි විය යුතුය. මන්ද ඇවිද යන්නේ දෙදෙනාම වන බැවිනි. නමුත් රචකයා උපකරමශීලීව තම යටි අරුත ඒත්තු ගැන්වෙන අයුරින්යමියනුවෙන් භාවිතා කර ඇත. මන්ද ඔවුන් දෙදෙනාගේ හමුවීම තුළ සිදුකරන ලිංගික ගනුදෙනුව තුළ ඇවිද යන්නේත් ඉගිල යන්නේත් පෙම්වතා වන බැවිනි. මෙහි රධාන පාර්ශවකරුවා පෙම්වතා වන බැවිනි. පෙම්වතියගෙන් එකී පහස ලබා ගන්නට පෙම්වතාට නොහැකි වන බැවින්යමියනුවෙන් භාවිතා කිරීමට තරම් රචකයා දක්ෂයකු මෙන්ම උපකරමශීලීත්වයකින් යුක්ත විය. 
මෙම ගීතය අවසන් කරනුයේ අපගේ හමුවීම අහවර වූ විට වැස්සට කමක් නැත යනුවෙනි. බව රචකයා දක්වා තිබෙන්නේ, 
අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල 
ඉතිර යන තුරා
හෝරා දෙක තුනක් ඉන්න 
නෑවිත් වැහි වලා පෙලේ
කඩ ඉමෙන් මෙහා  
                                යනුවෙනි.
මෙවැනි සාධාරණ රාර්ථනාවක් කිරීමේ වරදක් නැත. පේරම වෘත්තාන්ත තුළ කිසිවකු ලොවට හඩ ගා නොකීවද මෙවැනි බොහෝ ගැටලූ තැන් පවතී. එවා බොහෝවිට පිටත සමාජයට නොපෙනෙන අතර බොහෝ හදවත් තුළ ඉපදී හදවත් තුළ මිය යයි. මෙරට ගීත සාහිත් තුළ මෙකී වස්තු බීජයම පාදක කොටගෙන බිහිව ඇති තවත් ගීතයක් ලෙසින්කණ කැස්බෑ නෙත බලා හිදිනවා අහස දකින්නට විය සිදුරෙන්යන වික්ටර් රත්නායකයන් ගායනා කරන ගීතය දැක්වීමට හැකිය. එබැවින් මෙවැනි සැගවුණ ුඅර්ථ සහිත බොහෝ ගීත අපගේ ගීත සාහිත් තුළ පැවතිය අවාසනාවකට මෙන් ඒවා පිලිබඳ හරිහැටි අවධානයක් යොමු වන්නේ නැත. 


මෙරට ගීත කේෂ්තරයේ සුවිශේෂී ලක්ෂණයන්ගෙන් සමන්විත විශිෂ්ට ගණයේ පද රචකයකු වන සුනිල් ආරියරත්නයන්ගේ රතිභාව මනාවට පෙන්නුම් කරනවා සේම වික්ටර් රත්නායකයන්ගේ අපූරු හඩ පෞරුෂය මෙන්ම මිහිරි සංගීත නාදය මෙම ගීතය හරහා හදුනාගත හැක. ස්වභාවධර්මය විසින් පෙම්වතුන්ට බොහෝ බාධා ගෙන එයි. එමගින් පේරම ලෝක බොහෝ සෙයින් කම්පනයට වේදනාවට පත් වෙයි. එමෙන්ම ඒවා හොර රහසේම විද දරා ගනී. එවැනි පසුබිමක සිදුවන පීඩාවන් හමුවේ යහපතක්ම සිදුවේවායි රාර්ථනා කරනු හැර වෙන කුමක් කරන්න දැයි අපෙන් රශ්න කරයි. පේරමවන්තයින් මෙවැනි රශ්න වලට මුහණු දෙන්නේ නම් කරුණාකර රාර්ථනා කරන්න. එපමනක් නොව හැකිනම්හිතමිතුරු සුළඟහොයාගෙන රසවිඳින්න. දුක අමතක වෙලා වෙනදාට වඩා වැඩි රසයක් ඔබට දැනෙනු නොඅනුමානය.



මේ තරම් සියුමැලිද කලූගල්…..

කලාව වු කලී රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගමන් කරවන්නා වු සුවිශේෂි මනෝභාවික නිර්මාණයකි. මෙම ගීතයෙන් කියැවෙන්නේ එවැනි කලාකරුවකුගේ ජීවිතයේ අවසානය අත්වන ඛේදනීය ඉරණම ගැනයි. ස්වකීය හැකියාවෙන් කුසලතාවයෙන් නිර්මාණය බිහිකර ඔහුගේ සිතුවිල්ල ප්‍රබල උසස් පරීකල්පනීය වුවද සෑබැ ජීවිතයේ මිනිස් උත්තම පුරුෂාර්ථයන් කොතෙක් දුරට සාධනිය කරගෙන ඇතිද යන වග මැනවින් විද්යමාන වේ.

          මේ තරම් සියුමැලිද කලූගල් ගීතය,

ශ්‍රී ලාංකේය ගී අම්බරයේ දැන් පහන් තරුවක් පායන්නේ ඉදහිටය. එයද සුපහන් ගී පිපාසයෙන් පෙළෙන සහෘදයන්ගේ වාසනාවකටය. එබදු පහන් තරුවක් වන් රජී වසන්ත වෙල්ගම නම් තරුණ රචකයාගේ පන්හිද තුලින් බිහි  වන මේ තරම් සියුමැලිද කලූගල් නම් ගීය වල් බිහිවී පුරන් වී ඇති අප ගී කෙත තුළ රන්වන් කරලින් බරවී වැඩෙන්නට විය. සෑම හදකම ගැඹුරට යන්න උත්සාහ  දැරූ මේ ගීතය රසවින්දනාත්මකය.
රසිකයා පළමු වදනින්ම රජරටට රැගෙන යන ගීතයේ ස්ථායි කොටස මේ අයුරින් ඇරඹෙයි.

මේ තරම් සියමුලිද කලූගල්
සිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා

පටන් ගන්නා වදනින් යම් දැඩි බවක් රළු ගතියක් හදට සේන්දු වුව බිදෙන් බිද මටසිළිටු වදනින් ඔහු සහෘදයා ආමන්ත්‍රණය කරයි. අවුකන බුදුන් දකින රචකයාගේ සිතට මෙම සැදැහැති බව දෝත දරාගෙන වන්දනා  කෙරුවද කිසිවකුගේ සිතේ නුපදින හැගීමක් රචකයාගේ  සිත්හි උපදී.ඒ ඔහුගේ වස්තු විෂයයි ඔහු උක්ක කලා කෘතියෙහි  නිර්මාණකරු ගැන මෙනෙහි කරයි. මෙතරම් විසල් හැඩි කලූ ගලක් දෙස් විදෙස් බැතිමතුන් එතැනට ගෙන්වීමට  තරම් ප්‍රතිභා සම්පන්න වුයේ කෙසේ දැයි ඔහු සිහිකරයි.

කලා වැව ළග ඉලූක් හෙවනක
මැටි පිලක පැදුරක් එළා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

යනුවෙන් පළමු අන්තරා කොටසට තම පන්හිද මෙහෙයවන ඔහු සහෘදයාගේ ප්‍රඥාව අවදි කරන්නට වදන් ගලපයි. රජරට රජ දවස උක්ත නිර්මාණය කළ කලාකරුවාගේ දිවි පෙවෙත මෙන්ම ජීවන දර්ශනය ඔහු මතුපිටින් දක්වයි. මේතරම් සුවිසල් වන නිර්මාණයක් ඇතුලූ නුවරක සැප සම්පතින් ආඪ්යව දිවි ගෙවිමට ඔහුට වරම් නොවේ. රචකයා ව්යාංගයෙන් පවසන්නේ වත්මනෙහිද සුභාවිත කලාවේ නියැලෙන කලාකරුවා ගැන නොවේදග වත්මන් සුභාවිත කලාකරුවද මෙවැනි වු දිළිදු දිවි පෙවෙතක් ගෙවන බැව් පැහැදිලිය. ඔවුන්් වයස්ගත වී හමාරය.  මෙසේ වයස් ගත වුවද ඔහු බලා සිටින්නේ මැරෙන ඉපදෙන රළ දෙසය. තම දිවියේ සැදෑ සමය  මෙසේ ගෙවෙන්නේ ඈත අතීතයේ  පමණක් නොව  අදද කලාකරුවාට උරුම එපමණය යන්න පසක් කරමිනි.  එහෙත් ඔහු මේ අපරිමිත සංසාරයේ ඉපදීම මියයාම නම් සියල්ලන්ටම උරුම ධර්මතාවය මෙනෙහි කරයි. එය දක්වන්නට ඔහු යොදා ගන්නේ කලා වැවේ රළ පෙළයි.
                රචකයා ව්යංගාර්ථ භාවිතයේදී තම ප්‍රතිභාව මැනවින් ප්‍රදර්ශනය කරයි. ඔහු අතීත සංසිද්ධියක් ඉදිරිපත් කරමින් එය වත්මනට ආදේශ කරන්නට සහෘදයාට ඉඩ හරියි. සංකල්ප රූප මැවිම අතින් රචකයා උත්කෘෂ්ඨය. චිත්‍රපට දසුනක් මෙන් සහෘද සිත්හි අදාළ දර්ශන පෙළ ඔහු පෙළගස්වයි. ශාන්තභාවය කරුණා රසය ඉස්මතු  කරවයි. 
ඉසුරුමුණියේ ඔබ තැනු
පෙම්බරිය කොතනද කියා
මා ඇසු විට හිනැහුණා ඔහු
තවම තනිකඩ යැයි කියා

                රජරට කලාකරුවා රඑ කලූගල් කැබැල්ලක ප්‍රේරමයේ උත්තරීතර බව රතිභාවය ශෘංගාරය මැනවින් ගැලපු අවස්ථාවක් බවට ඉසුරුමුණි පෙම්යුවල දෙස් විදෙස් පතලය. රචකයා උක්ත කලාකරුවන්ගෙන් විමසන්නේ මෙසේ අපමණ හැගීමකින් නිමවු පෙම්වතිය අද ඔහු ලග පෙනෙන්නට නැත්තේ ඇයි දැයි කියාය. කලාකරුවා රචකයාට පිළිතුරු දෙන්නේ උපේක්ෂා සහගත සිනහවකිනි. ඔහුගේ පිළිතුර වුයේ තවමත් තනිකඩ බවයි. මෙතරම් වයස්ගත වී ඇතත් ඔහු අවිවාහකය. මේ සැබෑ කලාකරුවාගේ තත්ත්වයයි. වත්මන් සමාජය තුළද මුදල් පසුපස හඹා නොයමින් සහෘදයාගේ දියුණුව උදෙසා සිය දෑත් දෙපා හැගුම් වදන් මෙහෙයවන කලාකරුවා හා අතිනත ගන්නට කාන්තාව මැලිවේ. හේතුව ඔවුන්ගේ දිළිදු බවයි. තත්ත්වය මේ යැයි සොයා  බැලූව හොත් පසක් වේ.

දෙවන අන්තරා කොටස තුළද සිද්ධීන් ඔස්සේ රචකයා සහෘද සිත් තුළ ලැගුම් ගන්නට ඉහත නිර්මාණය මෙහෙය වුවද සහෘදයාටද සිතන්නට යමක් ඉතිරීකොට ඇත. සරළ සුගම බස් වහරක් ඔස්සේ නිර්මාණයේ පද ගැලපී ඇත. බුද්ධිමත් උගත් නුගත් වැඩිහිටි ළමා ආදි වශයෙන් නොබෙදී රසාවිදින්නට ගීයට හැකියාව ලැබී ඇත්තේ යොදාගත් බස් වහරේ උපකාරයෙනි. එය නිර්මාණය පුරාවටම දක්නට ලැබේ.

                රචකයා තවමත් තරුණ වියේ පසුවෙයි. ඔහු දකින මේ ජිවන ධර්මතාවය ඔහුගේ වයසත් සමග ගැලපු විට ඉතා ප්‍රභලය. සරල ගී ආරක ගැයෙන මේ ගීයේ ආකෘතියේ එතරම් සුවිශේෂ බවක් නම් නොපෙනේ. එහෙත් ව්‍යංගර්ථ භාවිතය චිත්තරූප මැවිම වස්තු විෂය ආදියෙන් ඉතා ඉහළ  මට්ටමක පවතී. සියලූ සහෘදයෝ සියලූ කලාවන් ප්‍රි කරති. නිසා ඉතා නිසා ඉහත නිර්මාණය පොදු බවට පත් විමට කිසිදු බාධවක් නොපෙනේ. අවුකන පිළිමය නුදුටු කුඩා දරුවෙකු හෝ මේ දිවයිනේ නොමැත.  එනිසා නිර්මාණය සැමගේ හදවත් හොදින් ඇද බැද තබා ගනි. රචකයාගේ සන්තාසත්මැනවින් ඉස්මතු වී පෙනේ. වත්මන් කලාකරුවාගේ තත්ත්වය හා සමාජයේ ඔහුට හිමි තැන තවත් කලාකරුවෙකු විසින් සමාජයෙන් ප්‍රශ්න කොට එය සියල්ලන්ට දක්වන්නට යන්න දැරීමේ උදාර පරමාර්ථයක් නිර්මාණය තුළ ත.

ගීයක් ලෙස ගත් කලා නිර්මාණයට උචිතම හඩක් යොදා ගෙන ඇතග සුනිල් එදිරිසිංහ යනු 70-80 දශකයන්හි සුභාවිත නිර්මාණයන් රැුසකට තම දායකත්වය සැපයු ගායකයෙකි. ඔහුගේ සුපහන් හඩින්ද සංගීත සංයෝජනය කරන දර්ශන රුවන් නම් කලාකරුවන්ගේ දායකත්වයෙන් නිර්මාණයට ප්‍රාණය ලැබි තිබේ. තරමක් ශෝක ස්වරයෙන් දිගහැරෙන ගීතය සහෘද සිත්හි කරුණාව උපේක්ෂාව දනවයි. සියල්ල සළකා බැලූ කළ යුගයේ බිහි වු ඉතා අනර්ඝ කලා කෘතියක් බවට මෙය පත් වී තිබේ.

ආදරය වරදක් නොවන්නට. ආදරය යන්න වර්තමාන තරුණ පරපුර දැඩි සේ විඳින ඒ විඳීම වේදනාවක් කරගෙන විඳවන තවත් එක් ප‍්‍රදාන තේමාවක් වී තිබේ. මෙන...